මංකොල්ල රැසකට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට


දිලීප් ජයසේකර 
 
කුලී පදනම මත වාහන ගෙන රට වටා ගොස් මංකොල්ල කෑම්වල නිරත වුණු පුද්ගලයින් දෙදෙනෙකු තංගල්ල සංවිධානාත්මක අපරාධ මැඩලිම් ඒකකයේ හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල හුංගම වාඩිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි හා 31 හැවිරිදි සැකකරුවන් දෙනෙනෙකි. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු කුලියාපිටිය අධිකරණයක සේවය කරන අතරවාරයේ සිදු කළ විෂමාචාර ක්‍රියා හේතුවෙන් සේවයෙන් පහ කල අයෙකු බව  පොලිසිය පැවසීය.
 
සැකකරුවන් දෙදෙනා හුංගම නගරයේ  සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිම් වලදී   සොරකම් කරන ලද භාණ්ඩ තොගයක් ද සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.