භාවිතයට නුසුදුසු ආලේපන තොගයක් ගාල්ලෙන් සොයාගනී



 
(ඩී.ජී.සුගතපාල)
 
පාරිභෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් අම්බලන්ගොඩ නගරයේ සිදු කළ  වෙළඳසල් පරික්ෂාවකදී ආනයනයකරුගේ නම සහ ලිපිනයද බර හෝ පරිමාව ද නොමැති රසදිය සීමාව ඉක්මවු  ආලේපනයට නුසුදුසු සමේ ආලේප කරන ක්‍රිම් වර්ග සහ දියර වර්ගරැසක් වෙළඳසලක තිබියදී අත් අඩංගුවට ගෙන ඇත.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති ආලේපනවල වටිනාකම රුපියල් 135000කි .
 
වෙළඳසල් හිමියාට විරුද්ධව ලබන 9 වනදින බලපිටිය අධිකරණයේ නඩු පැවරිමට නියමිතය.
 
ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදු කර ඇත