(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අද (27) ඉමදූව වල්පොල දී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ සැකකරු මෙම ගිනි අවිය යොදා ගෙන යම් අපරාධ කළේ ද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
සැකකරු සමඟ අත්අඩංගුවට ගත් ගිනි අවිය හෙට (28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

