බෝගහතැන්නේ අනතුරකින් තිදෙනෙක් රෝහලට


නිශාන්ත කුමාර
 
මීගහකිවුල  -  කලුගහකදුර  ප්‍රධාන මාර්ගයේ බෝගහතැන්න හන්දිය ආසන්නයේ දී  අද (07) උදෑසන ත්‍රීරෝද රථයක් මාර්ගයෙන්  ඉවතට ධාවනය වී අගලකට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කන්දකැටිය පොලිසිය පවසයි.

තුවාල ලැබුවන් අතර කුඩා දරුවකු, කාන්තාවන් දෙදෙනෙකු සිටින බව පොලිසිය කියයි.

අනතුරට ලක්ව ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ එකම පවුලක පිරිසකි.

මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයේ තිරිංග එක්වරම ක්‍රියා විරහිත වී රියැදුරුට රථය පාලනය කර ගත නොහැකිවීමෙන්  අනතුර සිදුව ඇත.