(ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය පොලිස් වසමේ තලාතුඔය මාරස්සන මාර්ගයේ කපුලියද්ද ප්‍රදේශයේ බෝක්කුවක් යට දමා ගොස් තිබූ ටී-56 තුවක්කු සඳහා භාවිත කරන මැගසින්, ටී - 56 පතුරොම් සහ හිස් පතුරොම් කොපු තොගයක් සොයාගත් බව තලාතුඔය පොලිසිය කියයි.
මේ අතර ටී-56 තුවක්කු සඳහා භාවිත කරන මැගසින් 3ක්, ටී - 56 පතුරොම් 364ක් සහ හිස් පතුරොම් කොපු 72ක් තිබී ඇත.
තලාතුඔය පොලිසිය හා තලාතුඔය නාවික හමුදා කඳවුරේ නිලධාරින් එක්ව මෙම ආයුධ සොයා ගෙන තිබේ.
තලාතුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.