බෝක්කුව හා මාර්ගය හදා දෙන්නැයි ගම්වාසීහු විරෝධයක


(එස් .ඩී.කොඩිකාර )

දෙනියාය, යාපිටකන්ද ඉහළ මාර්ගයේ දෙනියාය ග්‍රාම නිලධාරී වසමත් දෙනියාය බටහිර ග්‍රාම නිලධාරී වසමත්  වෙන්වන බෝක්කුව සහ මාර්ගය  කැඩී මාස 6ක් ගතවී ඇතත් තවමත් එය පිළිසකර කිරීමට කිසිදු බලධාරියකු මැදිහත් නොවූ බව පවසමින්  ගම්වාසීහු අද(29) එම බෝක්කුව ඉදිරිපිට සිට විරෝධතාවයක නියැලුණහ .

මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධාවක් එල්ල වී ඇති බවත් එම ස්ථානයෙන් බර වාහන ගමනාගමනය මුළුමනින්ම ඇහිරී ඇති බවත් සහ බෝක්කුව ගිලා බැසීමේ අවදානමක් ඇති බවත් ගම්වාසීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් කොටපොළ ප්‍රාදේශීය ලේකම් ගනේෂ් අමරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ මෙම මාර්ගය සඳහා ප්‍රතිපාදන වෙන් වූ නොවූ බවත් මැනුම් කටයුතු සිදුකර සිදු කර ඇති බවත් ය. කුමන ආයතනයකින් හෝ මුදල් ප්‍රතිපාදන මාර්ගය සඳහා වෙන් වුවහොත් මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කරන බවත් ඔහු කීය .