ඩී.ජී.සුගතපාල
මනුෂ්‍ය ඝාතන නඩුවක බොරු සාක්කි දුන් සාක්කිකරුවකුට බරපතල වැඩ සහිත මාස 12ක සිරදඬුවමක් සහ රුපියල් 2000 ක දඩයක් නියම කිරිමට බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය අද (26) නියම කළාය.
දඩය නොගෙවන්නේ නම් තවත් මාස දෙකක සිරදඬුවමක් ද සාක්කිකාර විත්තිකරුට නියම විය.
මෙලෙස දඬුවම් නියම කෙරුණේ සමන්තුවා වසම් නිශාන්ත නැමැති සාක්කිකාර විත්තිකරුවකුටය.
බලපිටිය මහාධිකරණයේ විභාග වන මනුෂ්‍ය ඝාතන නඩුවක පස්වන සාක්කිකරු ලෙස ඔහු සාක්කි දෙමින් සිටියදී පැමිණිල්ල මෙහෙයවන රජයේ අධි නිතිඥ කේ.වී.ඉන්දිකා මෙනවිය අධිකරණයට පැවසුවේ සාක්කිකරු බොරු සාක්කි දෙන බවයි.
ඒ අනුව බොරු සාක්කි දී අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරිණි.