(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බොරලැස්ගමුව නගර සභාවේ සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම නගර සභාවේ වරිපනම් අංශය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව නගරාධිපති කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා පැවසීය.
ඒ අනුව වරිපනම් අංශයේ සේවකයින් 17දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බවද ඒ මහතා කීය.
වේරහැර ප්‍රදේශයේ පදිංචි ආසාදිතයාගේ මව මිය යාමෙන් පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබිණි. ඉන්පසු සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී නගර සභා සේවකයාට ද වයිරසය ආසාදනය ඇති බවට තහවුරු වී තිබුණි.
ඒ අනුව තාවකාලිකව වසා දමා තිබූ බොරලැස්ගමුව නගර සභාවේ වරිපනම් අංශය 20 වැනිදා යලි විවෘත කරන බව ද නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

