බොන වතුර ඝන මීටර් ලක්ෂ 22 අපතේ


 

චමිල් රූපසිංහ

ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් මධ්‍යම පළාත තුළ බෙදා හරින නළ ජලයෙන් ඝන මීටර් ලක්ෂ 22  ක් පමණ මාසිකව අපතේ යන බව  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මධ්‍යම හා සබරගමුව) ජේ.එච් මීගොඩ මහතා පවසයි.

මධ්‍යම පළාත තුළ පසුගිය මාසය තුළ ජලය ඝන මීටර් 7286027 ක් බෙදාහැර තිබෙන අතර බෙදාහරින ලැබු ජලය භාවිත කර තිබෙන බවට මනු කියවීමේදී වාර්තා වී තිබෙන්නේ ඝන මීටර 5085479 ක් ලෙස බවද මීගොඩ මහතා සදහන් කරයි.

ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් ජල බෙදා හරිනු ලබන ජලය නිවෙස් වල හා ව්‍යාපාරික ස්ථාන වල ජල මනුව වෙත පැමිණීමට පෙර මෙම ජලය අපතේ යෑම සිදුවන අතර ඉන්පසුව නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන තුළ සිදුවන ජලය අපතේ යෑම මෙම ගණනයට ඇතුළත්ව නොමැති බවද මීගොඩ මහතා කියයි.