බේරුවල නිවසක සඟවා තිබූ පෙට්‍රල්-ගංජා සමඟ 4 ක් අත්අඩංගුවට



( තුසිත කුමාර ද සිල්වා)
 බේරුවල මරදාන ප්‍රදේශයේ නිවසක  තිබී  කෑන් කිහිපයක බහාලු පෙට්‍රල් ලීටර 28ක් සමඟ නිවැසියකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම  ලෙල්ලම තොටුපළ ප්‍රදේශයේ ගංජා මිලිග්‍රෑම් 2400ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ද  බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙට්‍රල් කෑන්වල තබාගත්තේ කුමකටදැයි  ප්‍රශ්න කරන බව පොලීසිය කියයි.

මේ සම්බන්ධව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.