බෙහෙතක් විස වී අක්කා නගෝ රෝහලේ


( නිශාන්ත කුමාර)
උකුණන් වඳ කිරීම සදහා හිසෙහි ගල්වන ලද සිංහල ඖෂධයක් විස වීමෙන් රෝගී වූ දරුවන් දෙදෙනෙකු අද (26) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළු කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ  මීගහකිවුල පොල්ගහඅරාව ගම්මානයේ වයස අවුරුදු පහක හා හත හමාරක දැරියන් දෙදෙනෙකි.
හිතවතෙකු දුන් උපදේශයකට  දැරියන්ගේ මව විසින් උකුණන් වඳ කිරීම සදහා  දැරියන් දෙදෙනාගේ හිසෙහි මෙම ඖෂධය ගල්වා ඇත. ඉන් සුළු මොහොතකට පසුව ඔවුන්ගේ දෑස් වල අධීක වේදනාවක් හා දැවිල්ලක් හටගෙන  ඇති  අතර ඇස් විවෘත කිරීමට නොහැකි වීමෙන් දැරියන් දෙදෙනා රෝහල් ගත කර තිබේ.
වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරියන් දෙදෙනා  බදුල්ල මහ රෝහල වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.