බෙලිඅත්ත ප්‍රා. සබේ හිටපු එජාප මන්ත්‍රීවරයකුගෙන් පැමිණිල්ලක්


(චන්ද්‍රසේන ගමගේ)

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (18) පැවති රැස්වීමක් අතරතුරදී  බෙලිඅත්ත ප්‍රාදේශීය සභාපති සිරිල් මුණසිංහ මහතා පහර දුන් බවට පවසමින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයකු පැමිණිලි කර ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි.

සභාපතිවරයාගේ පහර කෑමට ලක්ව ඇත්තේ සරත් ලෝගුරුගේ යන අය බවද පොලීසිය පවසයි. ඔහු මේ වන විට තංගල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සරත් ලෝගුරුගේ මහතා පැවසුවේ තමන් හෘද රෝගියකු බවත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට පහර දුන් බවයි.

මේ පිළිබදව විමසීම සදහා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.