බෘවුන්ස්වික් වතුකම්කරුවෝ වතු සමාගමට එරෙහිව උද්ඝෝෂණයක්


රංජිත් රාජපක්ෂ

                         
ජිවන වියදමට සරිලන මුලික වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් මස්කෙලිය පොලිස් වසමට අයත් බෘවුන්ස්වික්  වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට වතු සමාගමට එරෙහිව අද (3) උද්ඝෝෂණයක නිරතවුහ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර සියළු දිමනා සමඟ වතු කම්කරුවකුගේ දෛනික  වැටුප රු 730  සඳහා අත්සන් කර තිබු වසර දෙකක අවබෝධතා ගිවිසුම මීට මාස කිහිපයකට ප්‍රථම අවසන් වී තිබේ.

ජිවන වියදමට සරිලන නව  වැටුපක් ලබාදිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර යළිත් සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇත.

තමන්ට කොන්දේසි විරහිතව දෛනික මුලික වැටුප රු 1000 දක්වා ඉහළ දමන ලෙස උද්ඝෝෂණයේ නියැලී සිටි වතු කම්කරුවෝ ඉල්ලා සිටිති.