බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 24 ක් පිටව යති


(සුමතිපාල දීයගහගේ)

ගාල්ල බූස්ස  නාවික හමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයින් 24 දෙනෙක් අද (25) එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණඩාර මහතා පැවසීය.

නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ මෙම පිරිස රජයේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව එම මධ්‍යස්ථානයෙන් පිටත් කළ බවද සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේය.

නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ බවට නිකුත් කරන සහතික පත්ද මොවුන්ට ලබාදී ඇත.

මේ අතර බුස්ස නිරෝධායන මධ්‍යසථානයෙන් අද වන විට නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 357 දෙනෙක් පිටව ගිය බවත් තවත් 96 දෙනෙක් තව දුරටත් නිරෝධායන කටයුතුවල නිරතව සිටින බවත් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසිය.