කන්තලේ මුලික රෝහලේ බීමතින් සහ අශෝභන ලෙස හැසිරෙන වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ආරම්භ කරන්නැයි ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී තිබේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, රෝහිත බෝගොල්ලාගම මහතාට සහ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳව පරීක්ෂණයක් පත්වන්නැයි අමාත්‍යවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට දැනුම් දී ඇත.
ත්‍රිකුණාමල මහ රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව උපදෙස් ලබා දී ඇති අතර ත්‍රිකුණමලය මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හිඟය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දුන් අතර අතුරු වෛද්‍ය සේවා, හෙද හෙදියන්, පරිපුරක වෛද්‍ය සේවා, කණිෂ්ඨ කාර්ය මණ්ඩල ගැටළු පිළිබඳව හා වෛද්‍ය උපකරණ ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.
(36698)