(චන්දන ප්‍රනාන්දු)
අධික ලෙස බීමත්ව ත්‍රිරෝද රථයක් පදවමින් ගිය රියදුරෙක් අද (11) සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.
දන්කොටුව කටුකෙන්ද මාර්ගයේ නොසැලකිලිමත් ලෙස පැමිණෙමින් ත්‍රිරෝද රථයක් නිරික්ෂණය කළ දන්කොටුව පොලිස් ජංගම මුර රථයේ ගමන් ගත් නිළධාරින් රථය නැවැත්වීමට සංඥා කලත් නොනවත්වා ධාවනය වීම නිසා හඹා ගොස් නවත්වා පරික්ෂා කිරිමේදි රියදුරා බීමත්ව සිටින බව තහවුරුවීමෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

