බීමත්ව රිය ධාවනය කළ 18 කට දඩ


 

(ටෝනි කරුණානායක) 

ගනේමුල්ල සහ විරගුල යන පොලිස් වසම් තුළ බීමත්ව රිය ධාවනය කිරිමේ චෝදනාවන්ට වරද පිළිගත් රියදුරන් 18 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 25,000 ක් බැගින් රුපියල් 450,000ක දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (23) නියම කළේය.

එම රියදුරන් 18 දෙනාගේ රියදුරු බලපත්‍රය මාස 2ක කාලයකට තාවකාලිකව අත්හිටුවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.

ගනේමුල්ල සහ විරගුල යන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇප

මත මුදාහරින ලද රියදුරන් 18 දෙනා අද (23) අධිකරණයට ඉදිරිපත් වී වරද පිළිගැනීමෙන් පසුව මෙසේ දඩුවම් නියම කෙරුණි .

තවද දිවුලපිටිය පොලිස් වසමේ දී රියදුරු බලපත්‍රය නොමැතිව බීමත්ව රිය ධාවනය කිරිමේ චෝදනාවට වරද පිළිගත් රියදුරුන් 5 දෙනෙකුට එක්

අයෙකුට රුපියල් 50,000ක් බැගින් රුපියල් 250,000ක දඩයක් මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සරල කරුණාරත්න මහතා නියම කළේය.