බිරිඳ ඝාතනය කළ සැමියාට වසර අටකට පසු මරණ දඬුවම


ආරියදාස කොඩිතුවක්කු
 
 
පොල් කැඩීමට යොදාගන්නා පිහියෙන් ඇන තම බිරිද ඝාතනය කළ පොල් කඩන්නෙකුට විරුද්ධව පැවති නඩු විභාගයකින් වැරදිකරුවෙකු වූ පුද්ගලයකුට වසර අටකට පසු තංගල්ල පළාත්බද මහාධිකරණ විනිදුරු රශ්මි සිංගප්පුලි මහතා අද (13) මරණ දඬුවම නියම කළේය. 
 
මරණ දඩුවම නියම කළේ වීරකැටිය, මැදමුලන, මැදගම වැලිඅතුහේනේ පදිංචි ගොයිගොඩ ගමගේ තිලකරත්න නමැති 51 හැවිරිදි පුද්ගලයකුටය.
 
පිහියෙන් ඇන මරා දැමීම ගැන විත්තිකරුට විරද්ධව මහාධිකරණයේ පැවති නඩු විභාගයකින් වැරදිකරු වීමෙන් මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස මරණ දඬුවම නියම කළේය.
 
බිරිඳ සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පිහි ඇනුම සිදුවී ඇති බව ඔප්පු විය.