(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ බියර් අලෙවිසැළක් විවෘත කිරිමට විරෝධය පා ගම්වාසිහු පිරිසක් අද (10) ගලෙන්බිදුණුවැව නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.
මිට වසර කිහිපයකට පෙර දුටුවැව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය බියර් අලෙවි කිරිමේ මධ්‍යස්ථාන ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය මත වසා දැමුව ද යළිත් එම ස්ථානයට ආසන්නව බියර් අලෙවි කිරිමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමට සැළසුම් කිරිමට විරෝධය දක්වමින් මෙම ගම්වාසිහු මෙසේ උද්ඝෝෂණය කළහ.