(ප්‍රසන්න පත්මසිරි)
බිබිල වෑගම ගම්මානයේ වටවන වෙල්යාය අසල නිවසක තිබී කාන්තා මළ සිරුරක් සහ රෝගී වී මරණාසන්නව සිටි කාන්තාවන් දෙදෙනෙක් බිබිල රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
වෙල්යාය අසල තිබූ කුඩා පැල්පත් නිවසක් දෙසින් දුගදක් හමන බව ගම්වාසීන් විසින් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය නිවසේ දොරකඩා සිදුකල සෝදිසියකදී නිවස තුළ කාන්තාවක් මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු මරණාසන්නව සිටිය දී සොයාගෙන බිබිල රෝහලේ වෛද්‍යවරුන් එම ස්ථානයට ගෙන්වා ගිලන් රථයකින් මියගිය කාන්තාව හා රෝගී කාන්තාවන් දෙදෙනා රෝහල් ගතකර තිබේ.
මව සහ ආබාදිත අවිවාහක දරුවන් දෙදෙනා නිවසේ තනියම සිටියදී හරිහැටි ආහාර නොමැතිවීම නිසා එක් අයකු මිය යන්නට ඇති බවත් අනෙක් දෙදෙනා දැඩිලෙස රෝගී වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
රෝහලට ගෙනවිත් භාරදුන් කාන්තාවන් දෙදෙනා නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය කියයි.