(දියතලාව - ඩී.කේ.රත්න)
ඇල්ල නගරයේ රාජ්‍ය බැංකුවක අමතක වීමකින් අස්ථාන ගතවූ ඕස්ට්‍රේලියානු ජාතික විදේශීය කාන්තාවගේ බැංකු කාඞ්පතකින් රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
ඇල්ල දෙමෝදර වලස්බැද්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙකු හා බණ්ඩාරවෙල ධර්මාශෝක මාවතේ පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලයෙකු ඇල්ල පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා ඇල්ල නගරයේ රාජ්‍ය බැංකුවක දමා ගිය මෙම බැංකු කාඞ්පත රැගෙන හල්පේ , බණ්ඩාරවෙල ,කොළඹ සහ පිළියන්දල ප්‍රදේශවලට රැගෙන ගොස් එම ප්‍රදේශවලින් මෙම බැංකු කාඞ්පතින් මුදල් ලබා ගෙන ඇතයි ඇල්ල පොලීසිය පවසයි.
මෙම ඕස්ට්‍රේලියානු ජාතික විදේශීය කාන්තාව සිය බැංකු කාඞ්පත ඉකුත් අට වන දින ඇල්ල නගරයේ රාජ්‍ය බැංකුවක අමතක වී ගිය බවට මහනුවර සංචාරක පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මහනුවර සංචාරක පොලීසිය විසින් ඒ පිළිබදව ඇල්ල පොලීසියට දැනුම්දීමෙන් පසු සිදු කළ විමර්ශණවලින් අනතුරව මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංතුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අලගියවන්න මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.