බාලවයස්කාර දැරියට අතවර කළාට වසර 12 කින් පසු අත්අඩංගුවට


(ජේ.කේ.එල් චාමින්ද)

 

බාලවයස්කාර දැරියක් දුෂණය කර වසර 12 ක් තිස්සේ සැඟවී සිටි  එක්දරු පියෙකු  හිනිදුම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව ගාල්ල කොටුවේ පිහිටි නීතිය බලගැන්විමේ ඒකකය පවසයි.

එවකට 13 හැවිරිදි වියේ පසුවු මෙම දැරිය සැකකාර පුද්ගලයා විසින් දැරිය  නිත්‍යානුකුල භාරකාරත්වයෙන් රැගෙන ගොස්  දුෂණය කර ඇති බව පොලිසිය පවසයි. පසුව මොහු එම දැරිය සමඟ වසරක පමණ කාලයක් එකට ජිවත්වී තිබේ. පසුව මෙම දැරිය වෙනත් පුද්ගලයකුට බාරදී  මොහු පලා ගොස් ඇති බවද පොලිසිය කියයි.

දැරිය මොරවක ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකරු  පසුව වෙනත් කාන්තාවක් සමඟ විවාහ වි ඇති අතර මොහුට දාව වයස  අවුරුදු පහක දරුවෙකු ද සිටින බව පොලිසිය පවසයි. 

සැකකරු  අද (19) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.