බාලවයස්කාර දැරියට අතවර කළ බාප්පා අත්අඩංගුවට


ඩී.ජී.සුගතපාල
 
දාහතර හැවිරිදි බාල වයස්කාර දියණිය ගැබිණියක් කළ බාප්පා කෙනෙකු 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය අද (19) නියෝග කළාය.


මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ හබරාදුව ප්‍රදේශයේ පදිංචි 32 විවාහක පුද්ගලයෙකි.


පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ මෙම දැරියගේ පියා උතුරු මැද පළාතේ හමුදා කඳවුරක සේවය කරන අතර මව කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවක් බවයි.


නිවසේ සිට ඇත්තේ දැරියත් මවත් මිත්තණියත් පමණි.


මේ අතර අගෝස්තු මාසයේ දිනක දැරිය පාසල් ගොස් පැමිණ තනියම නිවසේ සිටියදී ඇයගේ බාප්පා පැමිණ පිහියක් පෙන්වා ඇය දුෂණය කර ඇති බවත් සිද්ධිය කිසිවෙකුටත් නොකියන ලෙස තර්ජනය කිරිම නිසා සිද්ධිය මවට පවසා නැති බවත් පොලිසිය පැවසීය.


පසුව සිද්ධිය හබරාදුව පොලිසියට දැන්වීමෙන් පසු සැකකාර බාප්පා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.