බාලවයස්කාර දැරිය දුෂණය කළ සැකකරු අත්අඩංගුවට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමිමේ සිද්ධියට සම්බන්ධ මසකට ආසන්න කාලයක් සැගවී සිටි සැකකරුවකු අද (16) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පලාවිය පෙරියකුලම පදිංචි 41 හැවිරිදි විවාහකයෙකි.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන මෙම තැනැත්තා මාසයකට ආසන්න කාලයක් සැගවි සිටි අතර මොහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදවා තිබු බව කියයි.

කෙසේ වෙතත් සැකකරු පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.