(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බාලවයස්කාර පාසල් දැරියක දින දෙකක කාලයක් ලැගුම්හළක රඳවාගෙන අපයෝජනයට ලක් කළ ප්‍රධාන පුද්ගලයකු මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (19) දා නියෝග කළේය.
බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක්දරු පියෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම ලැගුම්හළේ කළමනාකරු රුපියල් ලක්ෂයක ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ද නියෝග කෙරිණි. අපයෝජනයට ලක් වී ඇති 15 හැවිරිදි දැරිය බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබති.
වැලිමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචි එම දැරියට බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම එක් දරු පියාගෙන් ලැබුණු නාදුනන දුරකතන ඇමතුමක් මත ප්‍රේම සබඳතාවක් ඇති කර ගෙන ඇත.
පසුව ඔහු විසින් ඇය බලන්ගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන දින දෙකක කාලයක් ලැගුම්හළක රඳවාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් වැලිමඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත බලන්ගොඩ පොලිසිය විසින් එම සැකකරු සහ ලැගුම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.