බාල වයසේ දරුවකු අපයෝජනය කළ 75 හැවිරිදි සැකකරු අත්අඩංගුවට


ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක  ද සිල්වා

බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් සැකපිට 75 හැවිරිදි විවාහක දරුවන් නොමැති පුද්ගලයෙක් අද (06) පැඟිරිහේනේදි අත් අඩංගුවට ගත් බව ඉමඳූව පොලිසිය කියයි.
 
තම මිත්තනියට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධයක් රැගෙන ඒමට වින්දිත දරුවා සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදි මෙම අපයෝජනයට ලක්වි ඇති බව පොලිසිය කල මූලික විමර්ෂණයේදි අනාවරණය වී තිබේ.
 
අපයෝජනය කිරීමෙන් පසු සැකකරු මෙම දරුවාට පළතුරු  ලබා දි  ඇති අතර මවට නොකියන ලෙස ඉල්ලා ඇත.
 
ළමයා වෛද්‍ය පරික්ෂණයට සඳහා යොමුකර ඇති අතර සැකකරු හෙට  (07) ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.