බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතියෙන් අවතැන් වු වැසියෝ උද්ඝෝෂණයක


(රංජිත් රාජපක්‍ෂ)

 

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගය ගිනිගත්හේන කලුගල පොලිස් මුරපොළ අසල අවහිර කර බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලගාර ව්‍යාපෘතිය නිසා අවතැන්වු පවුල්වල සාමාජිකයෝ අද (12) වන්දි ඉල්ලා  උද්ඝෝෂණයක නිරත වෙති.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා ඇතිවිය.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් කැළණි ගඟ හරස්කර ගිනිගත්හේන, පොල්පිටිය ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලගාර ව්‍යපෘතියේ කැණීම් සිදුකරන උමං මාර්ගයක් හේතුවෙන් පොල්පිටිය ගම්මානයේ නිවාස 33ක සාමාජිකයන් පදිංචිව සිටි නිවාස ගිලා බැසීමේ අවදානම නිසා නිවාසවලින් ඉවත් කිරිමට ව්‍යාපෘති නිලධාරීන් පියවර ගෙන තිබිණි.