(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)
බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද 22කින් අද (21) සම්මත විය.
බළන්ගොඩ දිගදුරේ පිහිටි ප්‍රදේශීය සභා කාර්යාල ශ්‍රවණාගාරයේදි සභාපති එම්.එම්.සුනිල් ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
පසුගිය මාසයේ අයවැය ලේඛනය ඉදිරිත් කෙරුණු අතර එහිවූ යම් යම් කොටස් සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස සභිකයන් කළ දැනුම්දීම මත මෙදින එකී කොටස් සංශෝධනය කර සභාවට ඉදිරිපත් කරන ලදි.
එහිදී අයවැයට පක්‍ෂව සභාපතිවරයා ඇතුලු පාලක ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 17 දෙනාද, එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන උප සභාපති නිහාල් විජයානන්ද මහතා ප්‍රමුඛ සභිකයන් 04 දෙනාද, ශ්‍රීලංකා ප්‍රගතිශීලී පෙරමුණේ සභිකයන් දෙදෙනාද ඇතුලුව සභිකයන් 23 දෙනෙක් පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ සභික එම්.බී.කේ. ගුණරත්න මහතා මෙම අයවැය හරයක් හෝ තේරුමක් ඇති අයවැයක් නොවන නිසා ඊට විරුද්ධවන බව පවසා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. විපක්‍ෂනායක එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සහන් බෝපිටිය මහතා මේ අවස්ථාවේ සභාවේ නොසිටියේය. එහෙත් සභාවේ සිටි එජාප සභිකයන් 10 දෙනා ඡන්දය දීමෙන් වළකී සිටියේය.
ඒ අනුව බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 22කින් සම්මත විය.
ඡන්ද විමසීම අවසන් වූ පසු විපක්‍ෂනායක එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සහන් බෝපිටිය මහතා සභාවට පැමිණීම කාගේ අවදානයට ලක්විය.