බළන්ගොඩ කුණු කුණු වෙයි


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බළන්ගොඩ නගරයේ කුණු  දින හතරක සිට එකතු නොකිරීම නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතුව ඇතැයි නගරවාසීහු කියති.

නගරය පුරා දැඩි දුර්ගන්ධයක් හමා යාම, මෙන්ම ගොඩගැසී ඇති කුණු මලු සතුන් ඇද දමා තැනින්න තැන විසිරී තිබේ.

බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළෙහි ඇති වැසිකිළි පද්ධතියේ වලවල් උතුරා පිටාර ගැලිම හේතුවෙන් බස් නැවතුම්පොළෙට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

2021 වර්ෂය සදහා බලන්ගොඩ නගර සභාවේ පුනරාවර්තන වියදම් දැරිම සදහා මුදල් අනුමත කර ගැනිම සදහා සභාපති චාමික ජයමිණ විමලසේන මහතා ඉකුත් 16 වැනිදා ඉදිරිපත් කළ ⁣යෝජනාව පරාජයට පත් වීමෙන් අනියම් සේවකයින්ගේ වැටුප් නොගෙවීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් නගරවාසීහු,වෙලෙදසල් හිමියන් සහ නගරට පැමිණි ජනතාව සහ රාජ්‍ය ආයතන වල නිළධාරිහු අපහසුතාවයට පත්ව සිටිති.