බස්රථවල කලු කණ්ණාඩි, ස්ටිකර්, රෙදි ඉවත් කිරීමේ වැඩසටහනක්



(දිනේෂ් උපේන්ද්‍ර)
                                                                      
සිසුසැරිය හා පෞද්ගලික බස්රථවල කලුපැහැ කණ්ණාඩි, විවිධ ස්ටිකර් සහ තිරරෙදි සතියක් ඇතුළත වහා ඉවත්කරගන්නා ලෙස දැනුම්වත්කිරීමේ වැඩසටහනක් මෙම සතියේදී ක්‍රියාත්මක කරන බව වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
 
පාසැල් සිසු සිසුවියන් නුසුදුසු  ආකාරයෙන් හැසිරෙමින් එම බස්රථවල ගමන් ගන්නා බවට ලද පැමිණිලිවලට අනුව මෙම තීරණය ගත් බව ඔවුහු පවසති.
 
කුලියාපිටිය නිකවැරටිය මාර්ගයේ අසංවරව ගමන්ගත්බව කියන පාසැල් සිසුන් දෙදෙනෙකුගේ හැසිරීම්වලට අදාළ වීඩියෝ පටයක් හේතුවෙන් මෙම දැනුම්වත්කිරීම් වන බවද මාර්ග පරීක්‍ෂකවරු පැවසූහ. 
               
               
ගැහැණු සහ පිරිමි ළමුන් බස්රථයේ ඉදිරිපස හා පිටුපස ආදී වශයෙන් වෙන් වෙන්ව ගමන්කරවීමට සලස්වන බව ඉදිරියේදී සභාපතිවරයාගේ උපදෙස් මත මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීහු පැවසූහ.