
(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය බස්නැවතුම්පොළ තුළ දී ලංගම බස්රථයක ගැටීමෙන් අද (17) පස්වරුවේ පුද්ගලයකු මිය ගිය බව නුවරඑළිය පොලිසිය පවසයි.
නුවරඑළිය ලංගම ඩිපෝවේ සිට නුවරඑලිය උඩුපුස්සැල්ලාව දක්වා බස් රථය සිය ගමන් වාරය ආරම්භ කිරිම සඳහා නුවරඑළිය බස් නැවතුම්පොළට ඇතුළු කළ අවස්ථාවේ බස් නැවතුම්පොළ හරහා මාර්ගය මාරු වීමට ගිය මගියකු මෙලෙස අනතුරට පත් ව තිබේ.
ලංගම බස් රථයේ ගැටී ඉදිරිපස රෝදය මගියාගේ හිස මත ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයාගේ අන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලිසිය පවසයි.
අනතුරට පත් බස් රථය සහ රියදුරු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

