(කඹුරුගමුව තරංග ගුණරත්න)
කැකනදුර කොකාවිල පෙදෙසෙහි දි බස්රථයකට සහ වෙළඳසැල සැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ගන්දර පොලිසිය පවසයි .
ගන්දර පොලිස් වසමෙ කැකනදුර කොකාවිල පෙදෙසෙහි බ්ලූ ලයින් සර්විස් ඇන් ඔටෝමාර්ට් ආයතනය අසල නවතා තිබූ අති සුඛෝපභෝගී බස්රථයකට වෙඩි ප්‍රහාර දෙකක් සහ එම වෙළඳසැලට වෙඩි ප්‍රහාර එකක් එල්ල කර ඇති අතර මෙම ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයකුට අනතුරක් නොමැති බවද පොලිසිය සඳහන් කරයි.
තවද මෙම ස්ථානය අසල ජිව උණ්ඩ දෙකක් හමුවි ඇත.
මෙම බස්රථය මාතර ගැමුණු හේවා බල ඇනියේ හිටපු කපිතාන් භාරත කොඩිතුවක්කු මහතාට අයත් එකක් ලෙස මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
වෙඩි ප්‍රහාරය එල්ල කිරිම සදහා යතුරු පැදියකින් මුහුණු ආවරණය කල දෙදෙනකු පැමිණ අැතැයි පොලිසිය පවසයි .
සිද්ධිය පිළිබඳව සැකකටයුතු කිසිදු පුද්ගලයකු හඳුනා ගෙන නොමැති අතර සැකකරු හඳුනා ගැනීමට මෙවන විට පරික්ෂණ සිදු කරන බවත් ගන්දර පොලිසිය පවසයි .