(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොස්ගම අවිස්සාවේල්ල මාර්ගයේ හතලිස් නව වැනි කිලෝ මීටර් කණුව අසළදී අද(19) පෞද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් විශ්වවිද්‍යාල සිසුවෙකු මියගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ පල්ලේබැද්ද, අක්කර හැට පදිංචිව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වූ පියල් සේනකුමාර (25) යන අයයි.
බස් රථය හංවැල්ල සිට අවිස්සාවෙල්ල දක්වා ධාවනය කරමින් සිටියදී එම දිසාවටම ධාවනය වූ යතුරු පැදිකරු බස් රථය හා තරගයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ ලිස්සා ගොස් බස් රථයේ පිටුපස රෝදයට යට වී මෙම අනතුර වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
බරපතල තුවාල ලද යතුරු පැදිකරු අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබූ බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අවිස්සාවෙල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමරත්න විජයමුනි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවතවයි.