බස් - යතුරුපැදි අනතුරින් දෙදෙනෙක් මරුට


(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
 
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම හතපැලෑන ප්‍රදේශයේ දී අද (10) අලුයම පෞද්ගලික බස් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් වු අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

පෞද්ගලික බස් රථය මාතර සිට පොළොන්නරුව බලා ධාවනය වෙමින් තිබි ඇති අතර ත්‍රි රෝද රථය අහංගම දෙසට ධාවනය වෙමින් තිබියදී බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ මිදිගම හා වැලිගම ප්‍රදේශයේ වයස අවුරුදු 25ක් 20ක් වන තරුණයින් දෙදෙනෙකි. මොවුන් හබරාදුව ප්‍රදේශයේ පැවති සංගිත සංදර්ශනයක් නරඹා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.