බසයේ වැදුණු වන අලියාගේ තත්ත්වය බරපතලයි


(පොලොන්නරුව ක.ග. කරුණාරත්න / මනම්පිටිය නිමල් ජයරත්න)

මහවැලි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ විසූ අලියෙක් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද (20) අලුයම 3.30 ට පමණ ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටීම නිසා බරපතල ලෙස තුවාල ලබා තිබේ.


ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටි අලියා දෙහිඅත්තකණ්ඩිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගැටී තිබෙන බව විමර්ශන කටයුතු කරන පොළොන්නරුව පොලීසිය කියයි.


එම අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටින අලියාගේ තත්වය බරපතල බව වනජීවී නිලධාරීහු කියති.  

 

එම අලියා මහ මාර්ගය අසල වේදනා විඳිමින් වැතිර සිටින අයුරු...

(ඡායාරූපය - පොලොන්නරුව ක.ග. කරුණාරත්න)

(ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න)