( ජුඩ් සමන්ත)
හලාවත - කොළඹ මාර්ගයේ හාල්පන්විල මංසන්ධියේදී බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මිය ගොස් ඇතියි පොලිසිය කියයි.
අද (18) දහවල් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මාරවිල - හාල්පන්විල පදිංචිව සිටි මාග්‍රට් තමෙල් (අවු:72) නම් අයෙකි.
මහජනාධාර ලබා ගැනීම සදහා තැපැල් කාර්යාලයට යාම සදහා මිය ගොස් ඇති කාන්තාව මාර්ගය හරහා ගමන් කර ඇත.එම අවස්ථාවේදී අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
බස් රථයට යටවී ඇති කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
අනතුරට සම්බන්ධ බස් රථය ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෙන්නප්පුව ඩිපෝවට අයත් එකකි.එය හලාවත සිට වෙන්නප්පුව දක්වා ගමන් කරමින් සිට ඇත.එම බස් රථයේ රියදුරුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.