බසයකින් ඇදවැටි පුද්ගලයකු මරුට


(ජුඩ් සමන්ත)

බසයක පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයකු  ඉන් බිමට ඇදවැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

හලාවත - ඉනිගොඩවෙලදී    අද (11) අලුයම මෙම අනතුර සිදු වී ඇති අතර මිය ගොස් ඇත්තේ උස්වැටකෙයියාව - අන්තෝනි ජනපදයේ පදිංචි පනස්හතර හැවිරිදි පුද්ගලයකි. 

මොහු බිමට වැටී තුවාල ලැබීමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට යැවීමේදී  මිය ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.