බසය පෙරැළී 20 ක් රෝහලේ


(රංජිත් රාජපක්‍ෂ සහ ගාමිණි ඉලංගන්තිලක   )         
 
නාවලපිටියේ සිට තලවාකැලේ දක්වා ධාවනය වු බස් රථයක් මාර්ගය හරහා පෙරැළිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගීන් විසි දෙනෙකු පමණ තුවාල ලබා කොටගල ප්‍රාදේශි රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.

අද (26) පස්වරු 4.45 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ නාවලපිටිය  තලවාකැලේ ප්‍රධාන  මාර්ගයේ දිඹුල මවුන්ටිවර්නන් වත්ත ප්‍රදේශයේදීය.
බස්රථය  මාර්ගය හරහා පෙරලිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සමිපුර්ණයෙන්ම ඇණහිට ඇත.

අධික වේගයෙන් ධාවනය වි ඇති බස් රථයේ වේගය  පාලනය කර ගත නොහැකිව මාර්ගය හරහා පෙරලි අනතුර සිදු වී ඇත.
අනතුරෙන් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇත. අනතුරෙන් තුවාල ලබා ඇති කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල නිසා ඔහුන් නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යැවිමට කටයුතු කර ඇත.