(දීපාල් ද සිල්වා)
බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරු සභාව ඉදිරිපිට විරෝධතා වැකි සඳහන් පුවරු අතැතිව අද(21) නිහඬ විරෝධතාවක නිරතවූහ.
ජාතීන් අතර අසමගිය ඇතිකරවන ප්‍රකාශ සිදුකරන දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ඔවුහු විරෝධතාවේ නියැලුණහ.
බලපිටිය මුස්ලිම් මවුලවි මෝහමදී නස්මිර්තුමා ඇතුළු බලපිටිය මුස්ලිම් ජනතාවද, බලපිටිය කතෝලික දේවස්ථානයේ බර්නාඩ් විජයරත්න පියතුමා ඇතුළු පිරිසක්ද මෙයට සහභාගී වූහ.
විරෝධතාවයෙන් පසු පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් සභා ශාලාවට ඇතුළුවන අවස්ථාවේ එ.ජා.ප මන්ත්‍රීවරුන් විරෝධතාව පළකිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.