(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක බෝපේ ප‍්‍රදේශයේ ඉඩමක බලපත‍්‍ර රහිතව සැකකටයුතු ආකාරයේ කැණීමක් සිදු කරමින් සිටි බව කියන ව්‍යාපාරිකයින් දෙදෙනෙකු සහ කම්කරුවන් තිදෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින් දෙදෙනා පැමිණි බව කියන මෝටර් රථයක්ද එම ස්ථානයේ නවතා තිබියදී පොලිස් බාරයට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
අදාල ඉඩමෙහි සැකකටයුතු ආකාරයෙන් කැණීමක් සිදු කරන බවට පාදුක්ක පොලිසියට ලැබුණු තොරතුරක් මත එහි ගොස් සිදු කළ පරීක්ෂාවේදී ඉඩමෙහි කැණීම් කර තිබූ ආකාරය සම්බන්ධයෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලදී සැකකාර ව්‍යාපාරිකයින් දෙදෙනා විසින් එකිනෙකට වෙනස් ප‍්‍රතිචාර දැක්වීම නිසාවෙන් මෙය බලපත‍්‍ර රහිතව සිදු කළ කළු ගල් කැණීමක් ද නැතහොත් නිධානයක් ලබා ගැනීමේ අරමුනින් කළ කැණිමක්ද යන්න සැකපිට මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
එසේම එහි කැණිම්වල නිරත වූ අනෙක් පුද්ගලයින් තිදෙනා කුලී පදනම මත රැකියාවේ නිරත වූ අය බවත් එම තිදෙනාද සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ජා ඇල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු බවත් එම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු මෙම ඉඩම මිලදී ගෙන ඉඩම වෙත පැමිණ කැණීම් සිදු කර ඇති බව අනාවරණය වූ බව පාදුක්ක පොලිසියේ උසස් නිලදාරියෙකු පැවසීය.