බලපත්‍ර රහිත දැව ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට


(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)


බලපත්‍ර රහිතව වැලිමඩ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ ග්‍රාන්ටීස් වර්ගයේ දැවකඳන් තොගයක් පැටවූ ලොරියක් අද (03) අළුයම 5.30ට පමණ එහි රියැදුරු සමග අත්අඩංගුවට ගැනීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා සමත්ව තිබේ.


දැවලොරියේ විශාල දැවකඳන් 16ක් තිබූබවද, අත්අඩංගුවට ගත් රියදුරුට රියදුරු බලපත්‍රයක් නොමැති බවද හල්දුම්මුල්ල පොලීසිය කියයි.


හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික මහතාට ලැබුණු තොරතුරකට අනුව ලොරිය තමා සන්තකයට ගෙන තිබේ.


පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබඳව දැනුම් දී ඇති බවද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
දැවතොගයේ වටිනාකම තක්සේරු කිරීම සහ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අඩවි වන නිලධාරි කාර්යාලයට සහ හල්දුම්මුල්ල පොලිසියට භාරදීමට කටයුතු යොදා තිබේ.