(රංජිත් රාජපක්ෂ)
බලපත්‍රයක් නොමැතිව මත්පැන් වැඩි මිලකට වතු කම්කරුවන්ට අලෙවි කරමින් සිටි සැකකරුවෙකු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අද(04 අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනරාජා තේ වත්තේ වතු නිවාසක සඟවාගෙන මෙම මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමේ සැකකරු නිරතව සිටි බව වැටලීම කළ පොලිස් නිලධාරීහු කීහ.
සැකකරු සන්තකයේ තිබී මත්පැන් බෝතල් 25 ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත.
මැතිවරණ සමයේ මත්පැන් අලෙවිසැල් වසා දමන නිසා එම කාලයේදි මත්පැන් අධික මිලකට වතු කම්කරුවන් අලෙවි කිරීම සඳහා සැකකරු මත්පැන් තොගය රැස්කරගෙන සිට ඇතැයි අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.