(ඩී. කේ. රත්න)
ඇල්ල දෙමෝදර ප‍්‍රදේශයේ සිට හීල්ඔය දක්වා ලොරි රථයකින් බලපත‍්‍ර නොමැතිව ගවයින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස ඇල්ල හීල්ඔය, බණ්ඩාරවෙල, වැලිමඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම පුද්ගලයින් ලොරි රථයකට ගවයින් සිව්දෙනෙකු පටවා එහි දොරපියන් වසා ගවයින් ප‍්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය කියයි.
ගවයින් ඇල්ල හීල්ඔය ප‍්‍රදේශයට රැගෙන ගොස් එහිදී මරා මස් කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින්, ලොරි රථය හා ගවයින් සමග බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.