(චන්දන ප‍්‍රනාන්දු)
කිසිදු බලපතක් නොමැතිව වැලි තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් හා එහි රියදුරාව ඊයේ (21) ලුණුවිල ප‍්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි. නීතිවිරෝධීව ඡන්ද පෝස්ටර් හා කටවුට් පිළිබඳව සොයා බැලීමට යන අවස්ථාවේ පොලිස් ජීප් රථය දැක ඉදිරියෙන් ආ ටිපර් රථයක් එක්වරම හරස් මාර්ගයකට හැරවීම පිළිබඳව සැක සිතු නිළධාරින් ටිපර් රථය නවත්වා ලියකියවිලි පරික්ෂා කිරිමේදී වැලි ප‍්‍රවාහනයට කිසිදු බලපතක් නොමැතිව තිබු නිසා අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

