( ප්‍රින්ස් රත්නායක)
බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී ටී56 ජීව උණ්ඩ සහ පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ග සැළැස්මත්, ජංගම දුරකථන හා සිම්පත් තබාගත් සැකකරු අද (27) බලන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
24 වැනිදා බලන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු 25 වැනිදා බලන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක් රඳවා ප්‍රශ්න කිරීමට පොලීසියට අවසරදී ඇත.
ඒ අනුව අද (27) බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.
27 හැවිරිදි නිසාර්ඩීන් නිස්ලාර් නැමති මොහු කොළඹ අරලියගහ මන්දිරය අසල ඉන්දියන් එලායන්ස් හෝටලයේ සේවය කරන්නෙකු බවත් 16 වැනිදා සිය නිවසට පැමිණ ඇති කැබ්රියෙහි අඟල් 4 ක තට්ටුවක් සකසා තිබූ බවද අනාවරණය වී ඇත.
සැකකරුගේ නිවසේ අල්මාරියේ තිබී ජීව උණ්ඩ, ජංගම දුරකථන 03 ක් සිමි කාඩ්පත් 9 ක්, පාර්ලිමේන්තුවේ ඇතුළත සැළැස්මක් හා පර්ලිමේන්තුවට ඇතුල්වීමේ අවසර පත් 06 ක් තිබී ඇති අතර ඉකුත් 24 වැනිදා සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.