(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )
බලන්ගොඩ ගැටඅරළුව විදුහලේ විද්‍යගාරයේ ඉබි යතුරු කඩා එහි තිබුණි විද්‍යගාර උපකරණ තොගයක් කිසියම් පිරිසක් විසින් සොරකම් කරගෙන ගොස් ඇති බවට එම විදුහලේ විදුහල්පතිනිය විසින් අද (30) දා බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පවසයි .
ගැටඅරළුව පාසලේ ඉගනුම ලබන දරු දැරියන්ගේ අධ්‍යන කටයුතු සදහා අත්‍යවශ්‍ය විද්‍යාගාර උපකරණ තොගයක් මෙලෙස සොරකම් කරගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්. ආර්. ජි. කේ බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි විශේෂ නිළධාරීන් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර තිබේ.
මේ අතර රත්නපුර පොලිස් ඇගිලි සලකුණු අංශයේ නිළධාරීනියන්ද අද (30) දා එම විද්‍යලයට ගොස් පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබුණි.