(නාලක ජේ. හෙටිටිආරචිචි සහ සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේ දි පුද්ගලයෙකු විසින් පහර දිම හේතුවෙන් බලන්ගොඩ පොලිස් ස්ථානයට අනියුත්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අද(21) බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේ කිසියම් පුද්ගලයෙකු කලහකාරි ලෙස හැසිරෙන බවට පොලිස් ස්ථානය වෙත ලද දුරකතන ඇමතුමක් මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් මස්සැන්න ප්‍රදේශයට ගොස් ඇත.
එහිදී කලහාකාරිව හැසුරුණ පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණට පහර දි පලාගොස් ඇත.
මේ සමිබන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ඒ.එමි.මයුරසිංහ මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පවත්වයි.