(අජිත්ලාල් ශාන්තඋදය සහ සරත් වීරවංශ)
බළන්ගොඩ නගර සභාවේ කසළ ප‍්‍රවාහනය කරන ට‍්‍රැක්ටරයක රියදුරෙකුට පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස බලකරමින් එම නගර සභාවේ කසළ ප‍්‍රවාහන රියදුරන් අද (01) පෙරවරුවේ කසළ පිරවූ ට‍්‍රැක්ටර් නගර සභා කාර්යාලය ඉදිරිට නවත්වා විරෝධතාවක් අරඹා ඇත.
කසළ පුරවාගත් ට‍්‍රැක්ටරයක් බළන්ගොඩ නගර සභාවේ බැංකයවත්ත කසළ අංගනය වෙත ඊයේ (31) සවස ගෙ න යද්දී ඉදිරියෙන් ආ වාහනයකට අයින් නොකළ බව පවසා එම වාහනයේ රියදුරා ට‍්‍රැක්ටර් රියදුරු රොෂාන් ප‍්‍රනාන්දු යන අයට පහරදී ඇති බව කසළ ප‍්‍රවාහනයෙන් ඉවත්ව සිටින රියදුරෝ පවසති.
මේ වනවිට පහර කෑ රියදුරා බළන්ගොඩ මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
මේ සම්බන්‍ධයෙන් බළන්ගොඩ පොලිසියට පැමිණිලි කළද සැකකරු අත්අඩංගුවට ගෙන නැතැයි සේවයෙන් ඉවත්ව ඇති රියදුරෝ පවසති.
මේ හේතුවෙන් සෙසු සේවකයෝ නගර සභා බල ප‍්‍රදේශයේ කැළිකසළ එකතු කිරිමෙන් ද වැළකී විරෝධතාව පාති.
කසළ එකතු කරන ට‍්‍රැක්ටර් දහයක් පමණ නගර සභා කාර්යාලය ඉදිරිපිට අඩක් පිරවූ කසළ සමඟ මෙසේ නවතා ඇත.