බලංගොඩ සතිපොළේ එළවළු මිල පහළට


සම්පත් ප්‍රියනන්දන 

බලන්ගොඩ නගරයේ    සති  පොළෙහි එළවළු වෙළෙදසල්වල  අලෙවි කරන උඩ රට  සහ පහත  රට එළවළු වර්ග  වල  මිල  ගණන්   වර්ෂයකට පසු   මේ දිනවල  දෙගුණයකින් පමණ පහත  බැස  ඇතැයි   නගරයේ   එළවළු  වෙළෙන්දෝ පවසති.

ඉකුත්   දිනවල  රුපියල්   අසූවකට  පැවැති  තක්කාලි   කිලෝවක මිල  රුපියල්  20 දක්වාත්,    බෝංචි කිලෝවක මිල රුපියල්   200 සිට  රුපියල්  80 දක්වාත්,  ගෝවා   කිලෝවක්   180  සිට  රුපියල්  80 දක්වාත්   අඩු වී ඇති  බව  නගරයේ  සතිපොළ වෙළෙන්දෝ කියති.

මේ අතර  මාළුමිරිස්   කිලෝවක්  200 සිට  120  දක්වාත් ,ලික්ස්   කිලෝවක්  200 සිට  80 දක්වාත්  කැරටි කිලොවක්  320 සිට  260 දක්වාත්   අමු මිරිස්   කිලෝවක්  200 සිට  100 දක්වාත්  කැරට්   කිලෝවක් රුපියල්  240 සිට  120  දක්වාත්  අඩු   වී ඇති   බව  ඔවුහු පවසති.
 
මේ  දිනවල   බලංගොඩ ප්‍රදේශයට  එළවළු තොග  ලැබෙන   හපුතලේ ,බණඩාරවෙල ,වැලිමඩ , ප්‍රදේශවල  එළවළු   පළදාව   සාර්ථක  වී  ඇති  බැවින්  බලන්ගොඩ එළවළු වෙළෙඳසල් වලට   හොඳින්  එළවළු  තොග  ලැබිම   මිල  මේ ආකාරයෙන්   අඩුවීමට හේතුව   බව  බලංගොඩ නගරයේ   වෙළෙන්දෙක් පැවසීය.