(ඩයනා උදයංගනී)
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණ ලැබූ බර හා සවි ඉසිලීමේ ක‍්‍රීඩිකාවක වන ඉෂානි අනුෂ්කා කළුතන්ත‍්‍රි මහත්මිය වෙත මොරටුව, අගුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්‍ෂ 30ක් වටිනා නිවසක් ලබාදීම එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් අද (26) සිදුකෙරිණි.
පසුගිය 2016 වසරේ පැවති දකුණු ආසියාතික බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 75 බර පන්තියේ දෙවන ස්ථානය, 2011 වසරේ පැවති දකුණු ආසියාතික කනිෂ්ඨ බර සහ සවි ඉසිලීමේ තරගාවලියේ කිලෝග‍්‍රෑම් 75 බර පන්තියේ රන් පදක්කම් ඇතුළු ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ ජයග‍්‍රහණ රැසක් ලබා ඇති ඇය හම්බන්තොට වලස්මුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.
කුලී පදනම මත ලබාගත් නිවසක සිට තම පුහුණු කටයුතුවල නිරතව සිටින ඇය ඉදිරියේදී ඉදිරිපත්වීමට නියමිත සාෆ් තරගාවලිය සඳහා දිරිගැන්වීමක් ලෙස මෙම නිවස ලබාදුන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තමන් විසින් මේ වන විට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 42කට නිවාස ලබාදී තිබෙන බවද ඇමතිවරයා කීවේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ